අදින් පස්සේ කිරි තේ එකත් නෑ (වීඩියෝ)

අදින් පස්සේ කිරි තේ එකත් නෑ  (වීඩියෝ)

කිරි පිටි මිල යළිත් ඉහළ දැමීම හේතුවෙන් කිරි තේ අලෙවිය අද(30) සිට අත්හිටුවීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධව කරුණු දැක්වීමට එම සංගමයේ සභාපති අසේල සම්පත් අද (30)කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ යළිත් කිරි තේ කෝප්පයක මිල ඉහළ දැමුවහොත් රුපියල් 80 ඉක්මවන බැවින් කිරි තේ අලෙවියෙන් ඉවත් වීමට තීරණය කළ බවයි කිරි පිටි මිල ඉහළ දමා ඇති අවස්ථාවක නැවත වරක් කිරි තේ කෝප්පයක මිල වැඩිකළහොත් එය පාරිභෝගිකයින්ට දරා ගැනිමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 150කින් වැඩි වෙන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් වැඩි කිරීමට ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.