උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ලබා දෙන දෛනික දීමනාව ඉහළට

උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ලබා දෙන දෛනික දීමනාව ඉහළට

උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ලබා දෙන දෛනික දීමනාව ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එකඟතාව පළකළ බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව, තම සංගමය උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ ඊයේ (03) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ.