රටේ ප්‍රශ්න වලට වහා විසඳුම් අවශ්‍යයි

රටේ ප්‍රශ්න වලට වහා විසඳුම් අවශ්‍යයි

ඩොලර් හිඟය දරුණු තත්ත්වයකට පත්ව තිබෙන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍ය වරයා පවසන්නේ ජනතාවට උසුලා ගත නොහැකි තත්ත්වයකට රට පත්ව ඇති බවයි.

විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත්,රැකියා නැතිවන බවත්,මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත්,ගොවීන් අතරමං වී ඇති බවත්,මේවාට වහාම විසඳුම් අවශ්‍ය බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොවිඩ් වසංගතය තුළ වුවද රටවල් ගණනාවක් 2020 – 2021 වර්ෂවල ආර්ථික ප්‍රගතියක් පෙන්වා තිබෙන බවයි එම ප්‍රකාශයේ සඳහන් වන්නේ.

පවතින ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට වහාම ගොස් ආධාර ලබා ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.