සතොස සහන මල්ල වෙනස් වෙයි

සතොස සහන මල්ල වෙනස් වෙයි

උත්සව සමයේ පාරිභෝගිකයෙකුට සතොස අලෙවිසැල්වලින් මිලදී ගත හැකි සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 10ක් දක්වා වැඩි කිරීමට වෙළද අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙට(27) සිට දෙසැම්බර් 31 වනදා දක්වා එම අවස්ථාව සැලසෙන බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේය.

මීට අමතරව සතොස සහන මල්ලට සීනි මිලදී නොගන්නා පාරිභෝගිකයින්ට සහල් කිලෝග්‍රෑම් දෙකක් අමතරව ලබාදීමටද තීරණය කර තිබෙනවා.