ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර ගැන රොෂාන් මහානාම කිව්ව කතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර ගැන රොෂාන් මහානාම කිව්ව කතාව

තමන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර ලබා ගැනීමට ආරාධනාවක් ලැබුනොත් එය සලකා බැලීමට සුදානම් බව හිටපු ශ්‍රී ලංකා නායකයෙකු වන රොෂාන් මහානාම පවසනවා.

රොෂාන් මහානාම මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ කොළඹ දී සිය ස්වයංචරිතාපදානය එළිදැක්වීමේ උත්සවයේදි sportspavilion.lk කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධනුෂ්ක අරවින්ද නැගු පැනයකට පිළිතුරු ලබා දෙමින්.

තමන්ට මීට මාස 4 කට පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට ආරාධනාවක් ලැබුණු බව ද රොෂාන් මහානාම මෙහිදි ප්‍රකාශ කළා.

පුහුණුකරු වගකීම භාර ගන්නේ නම් ඒ සදහා වන තමන්ගේ අවශ්‍යතාවයන් කිහිපයක් ද පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම පුහුණුකරුවෙකු මාරු වු පමණින් හැමදේම වෙනස් කළ හැකි යැයි තමා විශ්වාස නොකරන බවද සාමුහිකව කටයුතු කිරිමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බව ද රොෂාන් මහානාම ප්‍රකාශ කළා.

කොළඹ දී එළිදැක්වු සිය ස්වයංචරිතාපදානය නම් කර ඇත්තේ ‘වේදනාත්මක සමුගැන්මෙන් තීරක ලෙස යළි පිටියට’ යනුවෙනි.

රොෂාන් මහානාම සිය ස්වයංචරිතාපදානයේ පළමු ග්‍රන්ථය මීට පෙර එළිදක්වා තිබුනේ ‘වේදනාත්මක සමුගැනීම ‘ ලෙසයි.

එම ග්‍රන්ථයේ ඇතුළත් දේත් තවත් තොරතුරු ඇතුළත් කරමින් මෙම ‘වේදනාත්මක සමුගැන්මෙන් තීරක ලෙස යළි පිටියට’ සම්පාදනය කර තිබෙනවා.

මෙහි ඉංශ්‍රීසි ග්‍රන්ථයේ කතුවරුන් ලෙස කෙන් පීස් හා අශාන් පීරිස් කටයුතු කර ඇති අතර සිංහල පරිවර්තනය සිදු කර ඇත්තේ දිවයින පුවත්පතේ හිටපු ප්‍රකට ක්‍රීඩා කර්තෘවරයෙකු වන අශෝක ගුණතිලකයි.