සිංහයෙක් කැන්ගරුවන්ට රන් සහ ලෝකඩ දිනා දෙයි

සිංහයෙක් කැන්ගරුවන්ට රන් සහ ලෝකඩ දිනා දෙයි

ආසියානු පැසිෆික් බර එසවීමේ තරගාවලියේදී රන් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් පෝල් සමත් වී තිබෙනවා.

පෙරේදා එම තරගය මෙල්බර්න් නුවරදී පැවැත්වුණේ රටවල් 15ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 දෙනෙකුගේ පමණ සහභාගීත්වයකින්.

ඔහු මෙම දක්ෂතාව අඛණ්ඩව දැක්වූ තුන්වන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

මේ අතර ලබන වසරේදී ලෝක ශූරතා සවි එසවීම හෙවත් පවර් ලිෆ්ටින් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මේවන විට අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.

COMMENTS