ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කිරීමට සුදුසු නායකයෙක් නෑ

ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කිරීමට සුදුසු නායකයෙක් නෑ

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු නායකයකු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නැතැයි එහි අනුශාෂිකා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය පදනම් ආයතනයේදී ඊයේ (29) පැවැති මාද්‍ය හමුවේදී සඳහන් කළාය.

කෙසේවෙතත් ශ්‍රිලනිපයේ ඉදිරි කටයුතු වලට තමන් තිරය පිටුපස සිට සහාය දක්වන අතර මේ වන න විට පක්ෂයේ නියම නායකත්වය සතුව ඇත්තේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායමට බවද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.