මෙරට පුද්ගලයින් දුම්වැටියට දිනකට රුපියල් කෝටි 52ක් වියදම් කරයි

මෙරට පුද්ගලයින් දුම්වැටියට දිනකට රුපියල් කෝටි 52ක් වියදම් කරයි

දුම්වැටි භාවිතය සඳහා මෙරට පුද්ගලයින් දිනකට රුපියල් කෝටි 52ක් වියදම් කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

මේ හේතුවෙන් මෙරට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ ජීවිතක්ෂයට පත්වන බවයි සඳහන් වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවන මරණ අතුරින් 83%ක් බෝනොවන රෝග නිසා ඇති වන බවත්, මෙරට ද බෝනොවන රෝගවලින් ප්‍රධානතම සාධක අතුරින් දුම්වැටි භාවිතය ප්‍රමුඛ සාධකයක් වී ඇති බවයි.

සිගරට් ෆිල්ටර් පරිසරයට රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුදාහරිම හේතුවෙන් ගොඩබිම සහ සාගර ඇතුළු සියලු පරිසර පද්ධතිවලට මින් ඉතා දැඩි පාරිසරික බලපෑමක් සිදුකරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ වසරකට සිගරට් ෆිල්ටර බිලියන 2300ක් පරිසරයට මුදා හැරෙන බවද මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

COMMENTS