ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝර්ක් අධිකරණයට

ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝර්ක් අධිකරණයට

හිටපු අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ නඩුවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.

මෙහිදී වැදගත්ම කරුණ වන්නේ අපරාධ නඩුවක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින පළමු එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වීමයි.

2016 මැතිවරණයට ටික කලකට පෙර හිටපු වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත කරන ලද මුදල් ගෙවීමක් වසන් කිරීම සඳහා ඔහුගේ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

77 හැවිරිදි ට්‍රම්ප් වරදකරු වුවහොත් උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති අතර සිරගත වීම වළක්වා ඒ වෙනුවට දඩයක් නියම කළ හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහු වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

https://tinyurl.com/bddfkpk8