මාස හතරට ඩෙංගු රෝගීන් 21,000ක්

මාස හතරට ඩෙංගු රෝගීන් 21,000ක්

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 21,055 දෙනෙකු වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 4,532 ක්.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 1,936 ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් ඉහළ යා හැකි බවයි එම ඒකකය සඳහන් කළේ.

COMMENTS