මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය ඇහැලේපොල වලව්ව වෙයි

මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය ඇහැලේපොල වලව්ව වෙයි

ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඓතිහාසික ඇහැලේපොල වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.

එය දළදා මාලිගාවට භාරදීමේ පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම ආරක්ෂා කරමින් ඉටිරූප කෞතුකාගාරයක් ලෙස නිර්මාණය කරන බවයි දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසන්නේ.

මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්ප, චාරිත්‍ර, සංස්කෘතිය ආහාර රටාව කර්මාන්ත හා කලා ශිල්ප ද මේ තුළ ඉටිරූප ආශ්‍රිතයෙන් ප්‍රතිනිර්මාණ කිරීමටයි සැළසුම් කර ඇත්තේ. ජාතික වීරවරුන්ගේ ඉටි රූප ද මෙහි නිර්මාණය කෙරෙන අතර මෙරට පෞඩත්වය හා අභිමානය විදහා දැක්වෙන ඉටිරූප කෞතුකාගාරය දෙදෙස් විදෙස් සංචාරක ආරක්ෂණය දිනාගනු ඇතැයි දියවඩන නිලමේ වරයා පවසන්නේ.

ක්‍රිස්තු වර්ෂ 1800 ත් 1810 අතර කාලයේ ඉදිවූ බව පැවසෙන ඇහැලේපොල වලව්ව, ඇහැලේපොල නිලමේතුමාව අයත්ව තිබූ අතර ඇහැලේපොල කුමාරිහාමි, වීර මද්දුම බණ්ඩාර කුමරුද වාසය කළේ මෙම වලව්වේවීම විශේෂත්වයක්.

ඉංග්‍රීසි 1818 වසරේදී කන්ද උඩරට අත්පත් කර ගැනීමෙන් පසු මෙම වලව්ව සිරගෙදරක් ලෙස භාවිත කර තිබුණා.

පර්චස් 141 ක භූමි භාගයක පිහිටි ඇති මෙම වලව්ව දළදා මාලිගාවට පැවරීමට අදාළ සන්නස් පත්‍රය සකස් කෙරෙමින් පවතින බවත් එය කඩිනම් කර ඇහැලේ‍පොල වලව්ව දළදා මාලිගාවට පැවරීම සිදු කරන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

COMMENTS