විකෘති කර අවුරුදු ගීතය සමාජ මාධ්‍යට දැමූ අයට වැඩ වරදී

විකෘති කර අවුරුදු ගීතය සමාජ මාධ්‍යට දැමූ අයට වැඩ වරදී

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එලෙස විකෘති කර ඇත්තේ, ප්‍රවීන ගායන ශීල්පී රෝහණ බැද්දගේ ගායනා කරන අවුරුදු ගීතයක්.

ඒ අනුව සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත විමර්ශනයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම, එම ගීතය විකෘති කර සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයින් පිළිබඳව සොයාබලා දැනුම්දෙන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විදුලි සංදේශන කොමිසන් සභාවට මෙලෙස දැනුම් දී තිබේ.

අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සොමරත්න විදානපතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.