අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානම්

අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානම්

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානමින් සිටිනවා.

රටම බලා සිටින අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අද රාත්‍රී 9.05ටයි.

රාජ්‍ය නැකැත් කමිටුව සකස් කර ඇති අවුරුදු නැකැත් සීට්ටුව තුළින් සෙසු නැකැත් වේලාවන් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.