ඕනෑම විවාදයකට සූදානම් – සජිත්

ඕනෑම විවාදයකට සූදානම් – සජිත්

ජාතික ජනබලවේගය සමග ඕනෑම අවස්ථාවක විවාදයකට තමන් සහ තම ආර්ථික කමිටුව සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 148 වැනි අදියර යටතේ පුත්තලම ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

මේ අතර සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය අතර විවාදයක් සිදුවන්නේ නම් එහි සම්බන්ධීකරණ කටයුතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් තමා වෙත පවරා ඇති බවයි.

රටෙහි ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට සමගි ජනබලවේගය කළ ආරාධනය පිළි නොගනිමින් විවාදය වෙනත් දිසාවකට යොමු කිරීමට ජාතික ජනබලවේගය දරණ ප්‍රයත්නය දැඩිව හෙළා දකින බවද අදාළ නිවේදනයේ සඳහන්.