ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි

ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි

ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූ කම්පනයකින් දෙදරා ගියේය.

එරට වේලාවෙන් උදෑසන 10.23 ට පමණ හටගත් එම කම්පනය ෆ්ලොරීඩා සිට නිව්යෝක් දක්වා දැනුණු බව ද පැවැසෙයි. පසු කම්පන 11 ක් ද හට ගැනුණි.

ගෙවුණු දශක පහක කාලය තුළ කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූ කම්පනය මෙය යැයි ද පැවැසෙයි.

භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවූයේ නැත. කෙසේ නමුත් එයින් නිව්යෝක් නුවර ලිබර්ටි දූපතේ දූපතේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාව දෙදරා ගියේය.