දෙවන එක්දින සටනේ ජය සිංහයන්ට

දෙවන එක්දින සටනේ ජය සිංහයන්ට

සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ අද (04) පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 06ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 323ක්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් රැස් කළා.

දිමුත් කරුණාරත්න ලකුණු 52යි.

ලකුණු 324ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 42 යි පන්දු01 කදී කඩුලු සියල්ල දැවී ලකුණු 191 ක් පමණක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී හෂ්මතුල්ලා ෂාහිඩි ලකුණු 57ක් රැස් කළ අතර ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 54 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ධනංජය සිල්වා කඩුලු 3 ක් සහ වනිදු හසරංග කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

COMMENTS