නවසීලන්තයෙන් චීනයට රතු එළි

නවසීලන්තයෙන් චීනයට රතු එළි

ඉන්දු පැසිෆික් කලාපය තුළ චීනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එම කලාපයේ රටවල් දැඩි අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රටවල් කිහිපයක්ම චීනයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරන අතරවාරයේ ඊට එක් වූ නවතම රට බවට නවසීලන්තය පත්ව ඇති බවයි එම විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව චීනයේ පැසිෆික් කලාපයේ ආරක්‍ෂාව සඳහා සිදු කරන ඇගිලි ගැසීම් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වා ඇති බව නවසීලන්තයේ විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් පවසනවා.

ඔහු පැවසුවේ කලාපයේ ආරක්ෂාව අස්ථාවර කරන වර්ධනයන් දැකීමට සිය රටට අවශ්‍ය නොමැති බවයි.

එමෙන්ම යුක්‍රේන යුද ගැටුම් වළක්වා ලීම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කරන ලෙස ද ඔහු චීනයෙන් ඉල්ලා සිටිනවා.

https://shorturl.at/bot78

COMMENTS