හෙද සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයසේ වෙනසක්?

හෙද සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයසේ වෙනසක්?

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඊයේ (07) පාර්ලිමේන්තුවෙදී මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මීට අමතරව හෙද සේවයට අලුතින් 3,000ක පමණ ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.