සාධාරණ විසඳුමක් නොලැබුණොත් 8 වෙනිදා ඉඳන් ආයේ වර්ජන

සාධාරණ විසඳුමක් නොලැබුණොත් 8 වෙනිදා ඉඳන් ආයේ වර්ජන

තම ඉල්ලීම්වලට සාධාරණ විසදුමක් නොලැබුණ හොත් ලබන 8 වනදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.

දීමනා ඉහළ නැංවීම ඇතුළු කරුණු කීපයක් මුල්කර ගනිමින් ඊයේ සහ අද දිනයන්හි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට ග්‍රාම නිලධාරීන් පියවර ගෙන තිබුණා.

ලබන කැබිනට් මණ්ඩලයට තම ගැටලු ඉදිරිපත් කර විසදුමක් ලබාදෙනු ඇති බවටයි සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

මේ අතර ලබන 9 වනදා සිට සෞඛ්‍ය සේවාවේ යළි වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළව සකස් කළ තාක්ෂණික වාර්තාව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත්ත ද එකග වූ පරිදි පොරොන්දු ඉටුවී නැති බවයි

නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පෙන්වා දෙන්නේ. මැයි මාසයේ වැටුපට එකතුකරන දීමනා පිළිබද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ඇතැම් සෞඛ්‍ය සේවාවන් නොසලකා හැර තිබීම බරපතල සිද්ධියක් බවයි එම සන්ධානය සදහන් කරන්නේ.

COMMENTS