අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් දහසක් නිදහස්

අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් දහසක් නිදහස්

ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිර වූ බහලුම් දහසකට වැඩි ප්‍රමාණයක් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් අද (7) සිට නිදහස් කිරීම ඇරැඹේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත මේ බහලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට වෙළෙඳ ඇමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡාවකදී එකඟතාව පළ වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් මත මෙසේ අද සිට මේ බහලුම් නිදහස් කිරීම සිදු වේ. ඒ අනුව වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කණ්ඩායමක් ආනයනකරුවන්ගේ භාණ්ඩ විස්තර ඇතුළත් වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවට ඊයේ (6) දිනයේ දී භාර දී ඇත.