හිටපු සුපිරි තරු එකිනෙක ගැටෙන ලෙජන්ඩ්ස් කාල සටහන මෙන්න

හිටපු සුපිරි තරු එකිනෙක ගැටෙන ලෙජන්ඩ්ස් කාල සටහන මෙන්න

ලබන 20 වනදා ඕමානයේ දී ආරම්භවීමට නියමිත Legends League ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන මේ වන විට නිකුති වී තිබෙනවා.

ඒ අනුව තරගාවලිය අරඹමින් ලබන 20 වනදා Asia Lions සහ India Maharajas කණ්ඩායම් තරග බිමට පිවිසෙනවා.

තරගාවලිය අවසන් මහා තරගය ජනවාරි 29 වනදා පැවැත්වීමටයි සංවිධායකයින් සැලසුම්කර ඇත්තේ.

මෙවර තරවලිය වෙනුවෙන් Asian Lions, India Maharajas සහ World Giants ලෙස කණ්ඩායම තුනක් එක්ව සිටිනවා.

තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සංඛ්‍යාව 07ක්.

සනත් ජයසුරිය, තිලකරත්න ඩිල්ෂාන්, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, උපුල් තරංග, නුවන් කුලසේකර සහ රොමේෂ් කළුවිතාරණ එම ක්‍රීඩකයින්.

Legends League තරගාවලියේ සම්පූර්ණ තරග කාල සටහන පහතින්.

* ජනවාරි 20 – Asian Lions vs India Maharajas
* ජනවාරි 21 – Asian Lions vs World Giants
* ජනවාරි 22 – India Maharajas vs World Giants
* ජනවාරි 23 – විවේක දිනය
* ජනවාරි 24 – Asian Lions vs India Maharajas
* ජනවාරි 25 – විවේක දිනය
* ජනවාරි 26 – India Maharajas vs World Giants
* ජනවාරි 27 – Asian Lions vs World Giants
* ජනවාරි 28 – විවේක දිනය
* ජනවාරි 29 – අවසන් තරගය