කොරෝනා බැලන්ස් කර නව වසර සමරන බෙල්ජියම ( වීඩියෝ )

කොරෝනා බැලන්ස් කර නව වසර සමරන බෙල්ජියම ( වීඩියෝ )

මිලියන 11.6 ක් වන බෙල්ජියමේ ජනතාවට මෙවර නව අවරුදු සැමරීම සදහා බාධක වලට මුහුණ දීමට සිදුව ඇත.
එය ලෝකයේ අන් රටවල් සමග සනන්දනය කිරීමේදී බෙල්ජියම් රට කොවිඩ් මර්දනය කිරීමේදී ඉතා සාර්ථක වී ඇත,අසල් වැසි රටවල් වන නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ලක්සම්බර්ග් වලට වඩා ඉතාම හොදින් කොවිඩ් මර්දන ක්‍රියාවලිය සිදු කර ඇත.

එම හේතුව නිසාම මෙවර සියලු කඩ සාප්පු අවන්හල් විවෘත කර ඇත.බොහෝ නෙදර්ලන්ත ජාතිකයන් මෙහිදි බඩු මිල දී ගැනීම සදහා එන ආකාරය දැක ගත හැකියි ,මන්ද යත් එහි සියලු කඩ සාප්පු නෙදර්ලන්තය තුළ වසා ඇති බැවිනි.

නව කොරෝන ක්‍රමවේදයට අනුව රාත්‍රී 11 ට සියලු අවන්හල් වැසිය යුතුය.එම නිසාම මෙවර සියලු ජනයා තම නිවසේම නව වසර සැමරීම සිදු කරනු ලබයි.

31 සවස 6-7 සිටම නව වසර ලබන තුරුම කා බි විනෝද වන අතර නව උදාව නොයෙක් ආකාරයේ මල් වෙඩි සමග සිදු කරනු ලැබේ.මෙදින පමණක් සාමාන්‍ය වැසියන්ට මල් වෙඩි දැමීම කල හැක.බොහෝ නෙදර්ලන්ත වැසියන් මෙහි පැමිණ මල්වෙඩි මිලදී ගනී.නව වසර උදාවත් සමග බොහෝ දෙනා ෂැම්පේන් රස බලන ගමන් රැය පහන් කරයි.

ජනවාරි පළමු දින සිය දෙමාපියන් සහ ආතා ආච්චි බැලීමට යාම පුරුද්දකි,කුඩා දරුවන් තමා විසින් ලියන ලද කවි ඔවුන් ඉදිරියේදී කියවන අතර වැඩිහිටියන්ගෙන් මුදල් හෝ යම් තිලින ලබා ගනී.බොහෝ විට ප්‍රථම සතිය තුල නව වසරට සුභ පැතීම කල හැක.එය බොහෝ විට ජනවාරි මස තුලම සිදු කිරීමද සිදු වේ.වසර උදාවත් සමග අගමැති විසින් ජාතිය අමතා සුභ පැතුම් එක් කිරීම සිදු කරයි.

බෙල්ජියමේ සිට ප්‍රසන්න පෙරේරා