කාති උසාවි අහෝසි කරන්න ඉල්ලයි

කාති උසාවි අහෝසි කරන්න ඉල්ලයි

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් එක රටක් – එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝ කාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක මෙම ඉල්ලීම සිදුකරන බවයි, ඔවු එහිදී සදහන් කර ඇත්තේ.

එක රටක් – එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා ඊයේ(26)දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වුණා.

එහිදී අදහස් දක්වමින් හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා කියා සිටියේ, මුස්ලිම් විවාහ සහ දික්කසද නීතිය, බහු විවාහ වීම මෙන්ම ආගමික කොටස්වලට බෙදාගෙන සංවිධාන පිහිටුවීමද තහනම් කළ යුතු බවයි.