කොරෝනා චීනය යළිත් ගිල ගනී

කොරෝනා චීනය යළිත් ගිල ගනී

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් චීනය යළිත් වරක් නගරයක් වසා දමා තිබෙනවා.

එලෙස වසා දමා ඇත්තේ චීනයේ උතුරු දිග නගරයක් වන ෂියෑන් නගරයයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට නගරය වසා දැමීමට නියමිත අතර එය කුමන කාලයක් බලපැවැත්වෙනවාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ෂියෑන් නගරයේ පුද්ගලයින් මිලියන 13 කට අධික පිරිසක් ජීවත් වන අතර නගරය වසා දැමීමත් සමග ඔවුන්ට දැඩි සීමාවලට යටත්වීමට සිදුවනු ඇති.

ඒ අනුව ෂියෑන් නගරයේ ජීවත්වන පවුල්වලින් එක් පුද්ගලයෙකුට පමණක් දින 02 කට වරක් නිවසින් පිටතට පැමිණීමට අවසර හිමිවනවා.ඒ, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

https://bit.ly/3ms7dda