තම නැගණිය වෙනුවෙන් තම කොණ්ඩය පිළිකා රෝහලට දන් දුන් කිංස්ලි පීරිස් මහතාගේ පුතණුවන්.

තම නැගණිය වෙනුවෙන් තම කොණ්ඩය පිළිකා රෝහලට දන් දුන් කිංස්ලි පීරිස් මහතාගේ පුතණුවන්.

මෙරට කණ්ඩායම් සංගීතය තුළ අතිශය රසික ආදරයට පාත්‍ර වු ප්‍රවීණ ගායන ශිල්පියෙකු වශයෙන් කිංස්ලි පීරිස් මහතා පෙන්වා දෙන්නට පුළුවන්.

මෙරට කණ්ඩායම් සංගීතය තුළ ඉහළම ජනප්‍රියත්වයක් ලගා කරගත් සුවිශේෂී කලාකරුවෙකු වන මොහු වඩාත් ජනප්‍රිය චරිතයක් බවට පත් වන්නේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම නිසාවෙනි.

බිරිඳ, වැඩිමහල් පුතණුවන් සහ දියණියක් මොහුට සිටි අතර අවාසනාවන්ත ලෙස ඔහුගේ දියණියට මෙලොව හැර යන්නට සිදු වුණේ මීට වසර ගණනාවකට පෙරයි.

මේ හේතුව නිසා අද වන විට වැඩිමහල් පුතු සමග ජීවත් වීමට සිදු වී ඇති අතර තරුණ වයසේ පසුවන මොහු නමින් කවිදු පීරිස් වේ.

කවිදු තම නැගණිය වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් පසුගිය දිනක සිදු කළ බව සමාජ මාධ්ය තුළ බොහෝ සේ කතා බහට ලක් කරන්න කරන්නට වුනා.

ඔහු කාලයක් තිස්සේ තමන්ගේ කොණ්ඩය වවා එම කොණ්ඩයේ පිළිකා රෝහලට පරිත්යාග කරන්නට වුනා. මෙම කටයුත්ත බොහෝ දෙනාගේ අවධානයට යොමු වු කරුණක් වු අතර බොහෝ දෙනෙකු එම කටයුත්ත අගය කරන්නට වුනා.

ඒ ආකාරයෙන් ඔහු තම කොණ්ඩය පිළිකා රෝහලට පරිත්යාග කරන ලද දෙවන අවස්ථාව ඒ වුණා. තමන්ගේ නැගණිය වෙනුවෙන් ඔහු මේ ආකාරයෙන් සිදුකරන ලද එම කටයුත්ත අප හදවතින්ම අගය කළ යුතුවනවා.