ගෑස් පිපිරීම් මදිවාට දියර පොහොර කෑනුත් පුපුරයි.

ගෑස් පිපිරීම් මදිවාට දියර පොහොර කෑනුත් පුපුරයි.

දිවයින පුරා තැන්වලින් ගෑස් පිපිරීම් දිනපතා වාර්තා වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික වගා සංකල්පයට අනුව මෙරට වගාවන් සඳහා යොදා ගැනීමට ඉන්දියාවෙන් ආනයනය කළ කාබනික දියර පොහොර කෑන් පුපුරා යාමේ සිද්ධියක් වාර්තා වනවා.

මේ වාර්තාව ලැබෙන්නේ අනුරාධපුර හොරොව්පොතාන ප්‍රදේශයෙන්.

මෙරට වගාවන් සඳහා රසායනික පොහොර යෙදීම සම්පුර්ණයෙන්ම තහනම් කර කාබනික පොහොර යෙදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක් අනුවයි.

මේ යටතේ වගාවන්ට යෙදීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද දියර පොහොර අඩංගු කෑන් පුපුරා එම දියර පොහොර අපතේ යන බව බවයි හොරොව්පොතාන ප්‍රදේශයේ ගොවි ජනතාව චෝදනා කරන්නේ.

මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සිය ගොවි සංවිධානයට දියර පොහොර කෑන් දෙසීයක් පමණ ලබා දුන් බවත් මේ වනවිටත් ඉන් කෑන් 100ක් පමණ පුපුරා ගොස් දියර පොහොර අපතේ යන බවත් හොරොව්පතාන ප්‍රදේශයේ ගොවි ජනතාව පවසනවා.