රට යන්න ගිය මැණික් ව්‍යාපාරිකයාට ඔමික්‍රෝන්

රට යන්න ගිය මැණික් ව්‍යාපාරිකයාට ඔමික්‍රෝන්

බේරුවල චීන කොටුව ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් ආසාදිතයකු හඳුනාගෙන ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයා විදෙස් ගතවීමට සූදානම්ව සිටියදී සිදුකළ PCR පරීක්ෂාවක දී ඔහු ආසාදිතයකු ලෙස හඳුනාගත් බවය.

පසුව ඒ සම්බන්ධයෙන් සිදුකළ ජාන පරීක්ෂාවක දී ඔහු ඔමික්‍රෝන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයා වෘත්තියෙන් මැණික් ව්‍යාපාරිකයෙකු ද වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

ඒ අනුව, ඔහුගේ සමීපතමයින් කිහිපදෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.