පයාගලට ගුවන් යානයක් හදිසියේ ගොඩ බස්වයි

පයාගලට ගුවන් යානයක් හදිසියේ ගොඩ බස්වයි

පුද්ගලික සමාගමකට අයත් පුහුණු ගුවන් යානයක් හදිසියේ පයාගල ප්‍රදේශයට ගොඩ බෑමක් සිදු කර ඇති බව වාර්තා වුණා .

එම ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.

එමෙන්ම පයාගල ප්‍රදේශයට පුහුණු ගුවන් යානයක් හදිසියේ ගොඩ බෑමක් සිදු කර ඇත්තේ එන්ජිමේ ඇති වූ දෝෂයක් නිසා බව එම යානය හිමි පුද්ගලික ආයතනය සඳහන් කරනවා.

එම ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ දෙදෙනෙක් සමග යානය පියාසර කරමින් තිබිය දී එම දෝෂය හටගෙන ඇති බවයි.

යානයට හෝ ගමන් කළ පුද්ගලයන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවද එම ආයතනය සඳහන් කළා.