අවුරුදු 18කට වැඩි සෑම අයෙකුටම ව්‍යායාම කරන්නැයි උපදෙස්

අවුරුදු 18කට වැඩි සෑම අයෙකුටම ව්‍යායාම කරන්නැයි උපදෙස්

බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීම සඳහා වයස අවුරුදු 18කට වැඩි සෑම අයෙකුම සතියකට විනාඩි 150ක් ව්‍යායාමවල නිරත විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි බෝ නොවන රෝග අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ෂෙරිල් බාලසූරිය මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

අප්‍රේල් මාසයට යෙදෙන ශාරීරික යෝග්‍යතා මාසය වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබුණා.

COMMENTS