ඉන්ධන මිල අඩු වෙයි

ඉන්ධන මිල අඩු වෙයි

ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල ගණන් අඩු කර තිබෙනවා.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 368ක් ලෙස සටහන් වුණා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420ක්.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 333ක්

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 377ක්

භූමිතෙල් මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 215ක් ලෙස සටහන්ව තිබුණා.

එමෙන්ම ලංකා අයි. ඕ. සී. සමාගමත් සිපෙට්කෝ මිලට සමාන අයුරින් ඉන්ධන මිල අඩු කරනු ලැබුවා.