ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා තද නීති

ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා තද නීති

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාව ද පාර්ශවකරුවෙකු වන ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය මගින් ළමයෙකු සතු සිවිල් දේශපාලන ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් අවධාරණය කර ඇති බවද සඳහන්.

දෙමාපියන්ගේ, නීත්‍යානුකූල භාරකරුවන්ගේ හෝ වෙනත් තැනැත්තකුගේ රැකවරණයේ සිටිනළමයෙකු ලිංගික අපයෝජනය ඇතුළුව සියලුම ආකාරයේ ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම, තුවාල සිදුකිරීම හෝ අපයෝජනයට ලක් කිරීම, නොසලකා හැරීම හෝ අයුතු ලෙස සැලකීම හෝ සූරා කෑමට ලක් කිරීම ආදියෙන් ආරක්ෂා කිරීම සඳහා යෝග්‍ය සියලුම නීතිමය පරිපාලනමය හා අධ්‍යාපනික ක්‍රියාමාර්ග රාජ්‍ය පාර්ශ්වකරුවන් විසින් ගත යුතු බව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 19(1) ව්‍යවස්ථාව මගින් පෙන්වා දී තිබෙන බවද රජය සඳහන් කරනවා.

COMMENTS