ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ප්‍රාථමික රෝහල්වලට ඖෂධ

ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ප්‍රාථමික රෝහල්වලට ඖෂධ

ප්‍රාථමික රෝහල්වල දැනට හිඟවී ඇති අත්‍යවශ්‍ය ඖෂධ ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

ඔහු පැවසුවේ , මාස 3කට සරිලන ලෙස එම ඖෂධ තොග මිලදී ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉතාම නුදුරු දිනකදී භාර දෙන බවයි.

මේ වනවිටත් ප්‍රාථමික රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් පවතී.

ඊට සමගාමීව ශ්‍රී ලංකාව පුරා ඇති සියලුම දන්ත සායනවලට අවශ්‍ය ඖෂධ ලබාදීමටද අවදානය යොමුකර ඇති අතර එම සේවා යථා තත්ත්වයට පත්කිරීමට එමගින් හැකියාව ලැබෙනු ඇතැයි වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ ය.