අධිකරණයට සහ එෆ්බීඅයි වෙත සල්ලි දෙන්න එපා – ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

අධිකරණයට සහ එෆ්බීඅයි වෙත සල්ලි දෙන්න එපා – ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

මෑන්හැටන් අධිකරණය ඉදිරියේ අපරාධ චෝදනා 34කට අදාල වරද පිළිගත් හිටපු එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (06) අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ අසුන්ගෙන සිටින රිපබ්ලිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සහ එෆ්බීඅයි යන ආයතන සඳහා වන අරමුදල් කපා හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

2024 දී ජනාධිපති ධුරය නැවත ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින ට්‍රම්ප්, තමාට එරෙහිව ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන නොසතුට ප්‍රකාශ කිරීමක් ලෙස අදාල ඉල්ලීම තම සගයෙන් කර ඇති නමුත් ඔහුට එරෙහි අපරාධ චෝදනාවන්ට අදාලව නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ, මෑන්හැටන් දිස්ත්‍රික් අධිකරණය විසින්.

ට්‍රම්ප් විසින් තම රිපබ්ලිකානු සගයන්ගෙන් කළ ඉල්ලීම ට්විටර් පණිවිඩයක් මගින් ලොවට ප්‍රසිද්ධ කළේ, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සහ එෆ්බීඅයි යන ආයතනවලට නැවත සිහිය එන තුරු ඔවුන් වෙනුවෙන් ලබා දෙන අරමුදල් නතර කිරීමට කොංග්‍රසයේ සිටින රිපබ්ලිකන්වරු කටයුතු කළ යුතු බවයි.

අමෙරිකානු සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටිකයන් අත තිබෙන තත්ත්වයක් තුළ අදාල යෝජනාව ක්‍රියාවට නැංවීමට රිපබ්ලිකන් නියෝජිතයන්ට ඇති හැකියාව විදෙස් මාධ්‍ය ප්‍රශ්න කර සිටිනවා.

වර්තමාන තත්ත්වය තුළ එෆ්බීඅයි හෙවත් එක්සත් ජනපද අභ්‍යන්තර ඔත්තු සහ ආරක්ෂක ඒජන්සියට සහ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට වෙන් කරන අරමුදල් අත් හිටුවීමට කටයුතු කරන්නැයි කොංග්‍රසයේ අසුන් ගන්නා රිපබ්ලිකානුවන්ගෙන් ඉල්ලා සිටින ට්‍රම්ප් සිය පාලන සමය තුළ (2017 සිට 2021 දක්වා) එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහා භාණ්ඩාගාර විසින් ලබා දෙන අරමුදල් වැඩි කිරීමට කටයුතු කිරීම ද විශේෂත්වයක්.

කෙසේ නමුත් අදාල සමය තුළ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව වෙත වෙන් කෙරුණු අරමුදල් 4%කින් වැඩි කිරීම ට්‍රම්ප් පාලනය එම දෙපාර්තමේන්තුව සඳහා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 38.7ක් වෙන් කළ බව ධවල මන්දිර සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

https://reut.rs/413V3ZV