කොවිඩ් දින ගණනක් සිල්ලර බඩු මත – අලුත්ම අනාවරණයක්

කොවිඩ් දින ගණනක් සිල්ලර බඩු මත – අලුත්ම අනාවරණයක්

කොවිඩ් වෛරසයට දින ගණනාවක් සිල්ලර බඩු මත රැඳී සිටිය හැකි බව, එක්සත් රාජධානියේ විශේෂඥයින් පිරිසක් විසින් කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මෙම පරීක්ෂණය විශේෂඥයින් සිදු කර ඇත්තේ එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති ඒජන්සිය සඳහායි. මෙම පරීක්ෂණය සඳහා පිසීමකින් තොරව හෝ පිරිසිදු කිරීමකින් තොරව ආහාරයට ගත හැකි අහාර ඔවුන්ගේ පරිෂණයට භාජනය වී ඇත්තේ. පළතුරු, පේස්ට්‍රි, බේකරි නිෂ්පාදන සහ බෝතල් කළ බීම ඇතුළු ඇසුරුම් සහ ආහාර නිෂ්පාදනවලට කොවිඩ් වෛරසය ආලේප කර එම වෛරසයේ ජීව කාලය පරීක්ෂාකොට තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ පැය 24 කාලය තුලදී කොවිඩ් වෛරස් මට්ටම්වල “සැලකිය යුතු පහත වැටීමක්” සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී කොවිඩ් වෛරසය සතියක කාලයක් එම ආහාර නිෂ්පාදනවල පැවති ඇති බවටද පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

කොවිඩ් වෛරසය රසායනාගාරයක් තුලදී කෘතිමව එම ඇසුරුම් සහ නිෂ්පාදනවලට අලේප කර ඇති බැවින් සිල්ලර වෙළඳාමේදී ඇති පරිසරය සැලකිල්ලට ගනිමින් මෙම වෛරසයේ ජීවය ඉතා අඩුවිය හැකි බවයි විශේෂඥයින් පවසන්නේ. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අත් සේදීම සහ හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමන කිරීම හැරුණුවිට ආහාර පිළියෙළ කිරීමේදී හෝ ආහාරයට ගැනීමට අමතර පූර්වාරක්ෂාව අවශ්‍ය නොවන බවයි.

https://bbc.in/3Fouerx

COMMENTS