ඇප ලබා සිටි පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් – මට්ටක්කුලියේ දී ඝාතනය කෙරේ

ඇප ලබා සිටි පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් – මට්ටක්කුලියේ දී ඝාතනය කෙරේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි පුද්ගලයෙකු අද (28) දහවල් මට්ටක්කුලිය ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර, එහිදී බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු මට්ටක්කුලිය – සාවියා පටුමගේ පදිංචි 38 හැවිරිදි අයෙක්. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.