පොලිස්පති තුමාට කෝට් එක ගලවලා යන්න කිව්වට එතුමා යන එකක් නෑ

පොලිස්පති තුමාට කෝට් එක ගලවලා යන්න කිව්වට එතුමා යන එකක් නෑ

බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඒ පිළිබඳ සියලු තොරතුරු රට හමුවේ අනාවරණය කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඊයේ (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.

එතුමා දැක්වූ අදහස්

ප්‍රශ්නය :- කාදිනල්තුමා පොලිස්පතිට බැරිනම් කෝට් එක ගලවලා යන්න කියනවා ?

පිළිතුර :- එතුමා නෙවෙයි පොලිස්පති තුමාට කෝට් එක දුන්නේ, මම දන් නෑ කාදිනල්තුමාට අයිතියක් තියෙනවද කියලා පොලිස්පති තුමාට කෝට් එක ගලවලා යන්න කියන්න, නමුත් ඒක එතුමාගේ අදහස වෙන්න පුළුවන්, බුද්ධිමත් ජනතාව දන්නවා මේවා ගැන, පොලිස්පති තුමා නම් ඔය කියන පමණින් කෝට් එක ගලවලා යන එකක් නැහැ, පොලිස්පති තුමා නිසි පරිදි පරීක්ෂණ මෙහෙයවන බව ආරක්ෂක ලේකම් විදිහට මම දන්නවා යනුවෙන් පැවසීය.