රට පුරා එන්නත් සතියක්

රට පුරා එන්නත් සතියක්

විශේෂ එන්තන්කරණ සතියක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම සතිය අද (11) සිට එළඹෙන 17 වනදා දක්වා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පවසා සිටියේය.

එම එන්නත්කරණ සතිය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ අමතර එන්නත්කරණ මධ්‍යස්ථාන 04ක් ආරම්භ කිරීමට නියමිත බවත් සෑම රෝහලක් තුළම රාත්‍රී 8.00 දක්වා එම එන්නත්කරණ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කෙරෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන සඳහන් කළේය.

ඊට අමතරව යම් කෙනෙකු හට එන්නත්කරණ මධ්‍යස්ථානයකට පැමිණීමට නොහැකිනම් ඒ පිළිබඳව ඔවුන්ට ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට දැනුම් දීමට හැකි අතර එවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ජංගම සේවාකින් පැමිණ ඔවුන් හට එන්නත්කරණය සිදු කිරීමට අවස්ථාව සලසා ඇති බව ඔහු පවසයි.

කොළඹ නගරයේ නිවාස සංකීරණ අසළට ජංගම එන්නත්කරණ රථ යැවීමට බලාපොරොත්තු වන අතර නිවාස සංකීරණ ගාව සිටින අයට නිවාස සංකීර්ණයේ පහළට පැඉණ එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බව ඔහු සඳහන් කරයිමීට අමතරව අනෙකුත් සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ මේවන විටත් ජංගම එන්නත්කරණ රථ ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි