රසායනික පොහොරවල අහිතකර බලපෑම් සොයන්න කාර්යසාධක බලකායක්

රසායනික පොහොරවල අහිතකර බලපෑම් සොයන්න කාර්යසාධක බලකායක්

රසායනික පොහොර හා රසායනික කෘමිනාශක භාවිතයෙන් මනුෂ්‍ය ශරීරයට ඇති කරන අහිතකර බලපෑම් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීමට කාර්යසාධක් බලකායක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සතියක් තුළ මෙම බලකාය පිහිටුවීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (15) පැවැති රැස්වීමකදී තීරණය කර ඇත්තේ.