කොළඹ නම රැක ගනියි.

කොළඹ නම රැක ගනියි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් අතර ඊයේ (06) පැවති තරග‍යෙන් ජය ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩාය සමත් විය.

තරගය ඊයේ (06) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

තරගයේ කාසිය වාසිය දිනු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩාම පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 116ක් ලබා ගත්තේය.

ලකුණු 117ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායන කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුළු 4ක් දැවී පන්දුවාර 17යි පන්දු 3කදී ලකුණු 117ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණ කළේය.