යුක්‍රේනයට එල්ල වූ රුසියා ප්‍රහාර 2කින් 9 දෙනෙකු මිය යයි

යුක්‍රේනයට එල්ල වූ රුසියා ප්‍රහාර 2කින් 9 දෙනෙකු මිය යයි

යුක්රේනයට එල්ල වු රුසියා ප්‍රහාර දෙකකින් ළමයින් තුන් දෙනෙකු ඇතුලු නව දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම ප්‍රහාරවලින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මහල් ගොඩනැගිල්ලකට එක් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහි සුන්බුන් අතර සිරවුවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

විපතට පත් වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි යුක්රේන බලධාරීන් පවසන්නේ.

යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රටේ සෑම නගරයකටම ප්‍රමාණවත් ගුවන් ආරක්ෂණ පහසුකම් තිබිමේ අවශ්‍යතාව මෙම ප්‍රහාර තුළින් ඉස්මතුවන බවයි.

මේ අතර ප්‍රථම වතාවට රුසියානු භූමියේ දී දිගු දුර බෝම්බ හෙළන යානයක් බිම හෙලු බව යුක්රේනය ප්‍රකාශ කර තිබෙනවා.

ගින්නෙන් දැවෙන ගුවන් යානයක් පාලනයෙන් තොරව බිමට වැටෙන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.

https://tinyurl.com/ysv52em4