එජාපයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

එජාපයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ආරාධනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ද හින්දු පුවත්පත සඳහන් කරන්නේ විදේශීය දේශපාලන පක්ෂ සහ නියෝජිතයින්ට ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය හෙවත් ඉන්දීය මහ මැතිවරණය පසුගිය අප්‍රේල් 09 ආරම්භ වු අතර, එය ලබන ජුනි 01 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව එරට ලෝක් සභාවට නියෝජිතයින් තොරාගැනිමේ මැතිවරණ ක්‍රියාදාමය නිරීක්ෂණයට සහ ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට විදෙස් රටවල දේශපාලන පක්ෂ හා නියෝජිතයින්ට ඇරියුම් කර තිබෙනවා.

ද හින්දු පුවත්පත වාර්තා කළේ ලෝක් සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා රටවල් 10ක දේශපාලන පක්ෂ 18ක නියෝජිතයින්ට ආරාධනා කර ඇති බවයි.

භාරතීය ජනාතා පක්ෂය විසින් එකවර මෙතරම් පක්ෂ සංඛ්‍යාවකට මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ආරාධනා කළ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වනවා.

එලෙස එක්වන පක්ෂ අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඇරියුම් ලබා ඇති බවයි ද හින්දු පුවත්පත වාර්තා කළේ.

https://tinyurl.com/3x2tcfk8