වාහන ආනයනය සඳහා විධිමත් නියාමන වැඩපිළිවෙලක්

වාහන ආනයනය සඳහා විධිමත් නියාමන වැඩපිළිවෙලක්

විධිමත් නියාමන වැඩපිළිවෙලක් මෙරටට වාහන ආනයනය කිරීම සඳහා සකස් කළ යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

පසුගිය වසරවල දී 2017, 2018, 2019 වසරවලදී 85%ක් ආනයනය කර ඇත්තේ භාවිතා කරන ලද වාහන බවයි සඳහන් වන්නේ.

වාහන ගෙන්වන්න කොළ එළියක් පැමිණ ඇති බව ද සඳහන් වෙනවා.

එම සංගමය සඳහන් කරන්නේ මේ පිළිබඳ තීරණ ගැනීමට කමිටුවක් පත්කළ යුතු බවයි.

ඒ අනුව, ඉදිරියේදී ජනතාව කැමති මෙනම ඔවුන්ගේ අවශ්‍යතාවට සරිලන දේ ආනයනය කිරීමට කටයුතු කරන බවයි, ලංකා වාහන ආනයනකරුවන්ගේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ පවසා තිබුණේ.