බස් ගාස්තුවේ වෙනසක් නැහැ

බස් ගාස්තුවේ වෙනසක් නැහැ

පසුගිය අප්‍රේල් 30 වැනිදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු බස් ගාස්තුවල වෙනසක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම, ඩීසල් මිල පහළ දැමුණද බස් ගාස්තුවල මිල අඩු කිරීමක් සිදු කළ නොහැකි බව පෞද්ගලික බස් රථ සංගම් ඊයේ සඳහන් කළා.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ තවත් රුපියල් 30කින්වත් ඩීසල් මිල අඩු කරන්නේ නම් බස් ගාස්තු පහළ දැමීමක් සිදු කළ හැකි බවයි.

COMMENTS