යතුරු පැදියක් හා ලොරි රථයක් එකිනෙක ගැටෙයි – කාන්තාවක් මරුට

යතුරු පැදියක් හා ලොරි රථයක් එකිනෙක ගැටෙයි – කාන්තාවක් මරුට

වතුපිටිවල රෝහල ආසන්නයේ දී යතුරු පැදියක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක ජිවිතක්ෂයට පත්වුණා.

නිට්ටඹුව හංවැල්ල මාර්ගයේ නිට්ටඹුව දෙසට ගමන් කරමින් තිබු යතුරු පැදියේ පිටුපස ගැටුනු ලොරි රථයට මෙම කාන්තාව යටවී තිබෙනවා.

ඇය යතුරු පැදියේ පසුපස ගමන් කරමින් සිටියදීයි අනතුර සිදුවුණේ.

ලොරි රථය අනාරක්ෂිත ලෙස බස් රථයකට ඉස්සර කිරීමට යාමේ දී අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරනවා.

මිය ගිය කාන්තාවගේ වයස අවුරුදු 4ක් වු මිණිබිරිය ද යතුරු පැදියේ පිටුපස ගමන් කර ඇති අතර ඇයට කිසිදු අනතුරක් සිදුව නැහැ.

COMMENTS