බිරිඳගේ ගෙල කැපූ සැමියෙකු මෙල්ල කිරීමට පොලීසියෙන් අහසට වෙඩි

බිරිඳගේ ගෙල කැපූ සැමියෙකු මෙල්ල කිරීමට පොලීසියෙන් අහසට වෙඩි

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තබා තිබෙනවා.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වාද්දුව , මොල්ලිගොඩ , සමාන්තර පාරේ පදිංචි පුද්ගලයක්.

තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබුණෘ.

වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සිය බිරිඳට හිරිහැර සිදු කරන බවට ලද තොරතුරක් මතයි පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් තිබෙන්නේ .

එහිදී සැකකරු වීදුරු බෝතලයක් කඩා බිරිඳගේ ගෙලට පහරදී ඇති අතර, එම ප්‍රහාරයෙන් ඇය බරපතළ තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

පසුව පොලිසිය සමග ඇති වූ කතාබහකින් පසු ඔහුව පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර, එහිදී සැකකරු පාලනය කරගැනීමට නොහැකිව ඇති බවයි සඳහන් වන්නේ.

පසුව පොලීසිය වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර සැකකරු පාලනය කර තිබෙනවා.