උගතුන් ලක්ෂ 25ක් රට හැර ගිහින්

උගතුන් ලක්ෂ 25ක් රට හැර ගිහින්

පවතින ආර්ථික තත්වය හමුවේ පසුගිය වසර දෙකක කාලය තුළ දී 2,565,365කට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙනවා.

ඒ අනුව, 2022 වසරේදී 1,127,758 දෙනකු සහ 2023 වසරේදී දහ 1,437,607 දෙනෙකු විදේශගතව තිබෙනවා.

මේ අතර, 2022 වසරේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,789ක් බවයි සඳහන් වන්නේ.

ඉන් වැඩිම ප්‍රමාණයක් කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් එවනු ලැබූ විදේශ විනිමයයි.

ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 139.7ක් බවයි සඳහන් වන්නේ.

COMMENTS