ලොව විශාලතම මැතිවරණය අද ඇරඹෙයි

ලොව විශාලතම මැතිවරණය අද ඇරඹෙයි

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම අද(19) ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝකයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

18 වැනි ලෝක් සභාව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීම සඳහා අදියර හතකින් පැවැත්වෙන මෙවර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බිලියන 1.44ක් වන සමස්ත ඉන්දීය ජනගහනයෙන් ලියාපදිංචි වී ඇති මුළු ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 969ක්.

එමෙන්ම එම ඡන්ද දායකයන් අද සිට දින 44ක කාලයක් ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍ර මිලියන 5.5ක් භාවිත කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

https://tinyurl.com/2afearbd

COMMENTS