වසර 10කට පසු නිරෝෂාගෙන් අලුත් ගීතයක්

වසර 10කට පසු නිරෝෂාගෙන් අලුත් ගීතයක්

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් මියුරු කඩහඩකට හිමිකම් කියන ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි නිරෝෂා විරාජිනි කියලා කියන්නේ. මීට වසර ගණනාවකට පෙරදී ගායන ක්ෂේත්‍රයට පිවිසෙන ඇය වර්තමානය වනවිට ලාංකිකයන් අතර ගායිකාවක ලෙසින් සුවිශේෂ නමක් හිමිකරගෙන තිබෙනවා. ඇත්තෙන්ම ඇගේ මියුරු කඩහඩට ලංකාවේ ආදරය කරන්නෙකු නොමැති තරම්. ඒ බව රහසක් නොවෙයි.

කොහොමහරි ඉතින් මේ ප්‍රවීණ ගායන ශිල්පිනිය විසින් ගායනා කරනු ලැබු ජනප්‍රියත්වයට පත් ගීත කිහිපයක් ලෙස සිත හඩයි, සුදු ඇත් පොව්වෙක්, රන් ගිර යන ගීත අපට හදුන්වන්න පුලුවනි. ඉතින් මේ ගීත කෝකිලාවිය වසර 10කට පසු අලුත් ගීතයක් පසු ගිය දිනක එළි දක්වලා තිබුණා.

ඒ “නිම් හිම්” කියන ගීතයයි

මේ ගීතයේ පද රචනය Nilar N Cassim විසින් සිදුකර තිබෙන අතර සංගීතය නවරත්න ගමගේ විසින් සිදුකර තිබෙනවා.

ඉතින් මේ ගීතයට බොහෝ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගෙන තිබෙනවා.