අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (on Arrival) ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බවත් එම තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කරන හා ක්‍රියා කරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත් නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා

2023 සැප්තැම්බර් 11 දින රටට ඇතුළුවිමේදි වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි බාහිර ආයතනයක් වෙත දීම වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණේ

ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ බාහිර පාර්ශ්වයන් වෙතින් අයදුම්පත් කැඳවීමේදී ලැබුණු අයදුම්පත් දෙකකින් වඩාත්ම සුදුසුකම් පෙන්නුම් කළ මෙම සමාගම වෙත, විදේශිකයන් රටට ඇතුළුවීමේ දි වීසා නිකුත් කිරීම හා මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීමේ කටයුතු සඳහා පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය පැවරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබූ බව සඳහන්

අදාළ සමාගම නව තාක්ෂණය භාවිත කරන මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බැවින් මෙම කටයුතු ඔවුන් වෙත පවරා ඇති අතර රටවල් 151 ක වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388 ක සේවා සපයන ආයතනයක් ලෙස මොවුන් ලෝක ප්‍රකට සමාගමක් වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ

කෙසේ වෙතත් පසුගිය දිනක ඔවුන්ගේ වීසා නිකුත් කිරීම ක්‍රියාවලියේ යම් ගැටලුවක් ඇතිවීම ගැන සොයා බැලීමට රජය තීරණය කර ඇති අතර කැබිනට් අනුමැතියකින් තොරව මෙම ක්‍රියාවලිය භාර දී ඇතැයි යන්න සිදු කරන ප්‍රකාශ බවයි එහි සඳහන් කර ඇත්තේ.

COMMENTS