ආණ්ඩුව කිරි පිටි මිල ඉහළ දාලා, ජනතාවට අවුරුදු තෑග්ග දුන්නා

ආණ්ඩුව කිරි පිටි මිල ඉහළ දාලා, ජනතාවට අවුරුදු තෑග්ග දුන්නා

පොරොන්දු කන්දක් ලබා දී බලයට පත් වූ ආණ්ඩුව තමන්ට ඡන්දය ලබා දුන් හැට නම ලක්ෂය ඇතුළු සමස්ත ජනතාවම අනතුරට පත් කර ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

”සක්වල” වැඩසටහනෙහි නියමු ව්‍යාපෘතිය ලෙස රුපියල් අටලක්ෂ හැත්ත හය දහස් එකසිය පනහක් වටිනා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ තණමල්විල බෝදාගම මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

නත්තලට පෙරාතුව තෙල් මිල ඉහළ නංවා නත්තල් තෑග්ග ලබාදුන්න ආණ්ඩුව, අලුත් අවුරුද්දට පෙරාතුව කිරිපිටි මිල ඉහළ නංවා අවුරුදු තෑග්ග ද ජනතාවට ලබා දුන් බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

”කොරෝනා වසංගතය මධ්‍යයේ විවිධ අභියෝග එල්ල වුවත් විපක්ෂය ලෙස අප විශාල කාර්යභාරයක් ඉටු කරනවා. විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ දිවයිනේ රෝහල් රැසකට අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ පරිත්‍යාග කිරීමට අපි කටයුතු කළා. කඩා වැටී ඇති අධ්‍යාපනය නගා සිටුවීමින් ශක්තිමත් දරු පරපුරක් බිහි කිරීම සඳහා අපි අද මෙම වැඩසටහන හඳුන්වා දෙනවා යනුවෙන් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.